අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට, ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේ දී මෝටර් රථය නිලධාරින් හප්පා පලාගොස් තිබෙනවා.
අද (01) අලුයම සිදු වූ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 43ක සුරියවැව ප්‍රදේශයේ පදිංචි අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙක්.
අනතුර සිදුකල මෝටර් රථය සහ එහි ගමන්ගත් පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථයේ රියදුරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














The hit and run driver must pay the heaviest penalty for the heinous act of his or hers. Not to drag a court case while the offender is on bail but a quick sentence for the other hooligans to learn too.