2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මඟින් දන්වා තිබෙනවා.
2026 වර්ෂයේ මැයි මස පළමු වනදා සහ 30 වනදා යන දෙදින තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර, දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත 2026 දින දර්ශනයේ මැයි මාසයේ 01 වැනි දින වෙසක් පොහෝ දිනය ලෙසත්, 30 වනදා අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් යොදා ඇති බවයි අදාළ ලිපිය මඟින් දක්වා ඇත්තේ.
කෙසේ වෙතත් මැයි මස 01 වන දිනට ‘විසා නැකත’ නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බව ද ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර, ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ‘විසා නැකත’ යෙදෙන මැයි 30 වන දින වෙසක් පොහෝ දිනය ලෙස යොදාගැනීම බව තීරණය කළ බව එම ලිපියේ සඳහන්.
ඒ, අනුව 2026 වසරේ මැයි 30 වැනි දින වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත්. වෙසක් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව එම මැයි මස 30 වැනි දින යොදාගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසත් මහානායක හිමිවරුන් අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.
මේ අතර මැයි මස පළමුවනදා ජාත්‍යන්තර කම්කරු දිනය ද යෙදී තිබෙනවා.















මේ දින දර්ශන හදන අය දන්නේ නැද්ද කොහොමද දින ගනන් කල යුත්තේ කියලා
කාලකන්නි ජෙප්පො ඒව දන්නව ද
නායක හාමුදුරුවන්ටත් තේරිලා ඇත්තේ 2026 කැලන්ඩරය දැකලා. නැත්නං කලින් කියන්න තිබ්බා නොවැ.
Sudu hari kumaraya ipaduna dawasa ehema maru kranna pluwnda..???
Danne nethi hinda ahuwe…kagehri birthday ekak Ada be neketh ne kiyla wenas krnwda.???