ලංකාවට ‘ශීලවතී’ එවූ ලේඩි ඩොන් ඇතුළු කල්ලිය අල්ලයි

ඉන්දියාවේ නර්සිපට්නම් සිට තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට ශීලවතී ප්‍රභේදයට අයත් ගංජා සැපයූ බවට චෝදනා මත පුද්ගලයන් අටදෙනෙක් අනකපල්ලේ දිස්ත්‍රික්කයේ නතාවරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආන්ද්‍රා-ඔඩිෂා දේශසීමාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා ප්‍රවාහනය කළ පළමු අවස්ථාව මෙය බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද සිටින අතර, 28 හැවිරිදි ගඩේ රේණුකා ලෙස හඳුනාගෙන ඇති ඇය පයාකරෝපේටා, නර්සිපට්නම්, සලුරු සහ බැංගලෝර් හරහා ගංජා ජාවාරමේ නිරත වූ බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඇයට ‘ලේඩි ඩොන්’ යන අන්වර්ථ නාමය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

රේණුකා සහ ඇගේ සහකරු වන සූර්ය කාලිදාස්, ඔඩිෂාවෙන් ගංජා මිලදී ගෙන තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට සැපයීම සඳහා නර්සිපට්නම් හි නිවසක් කුලියට ගෙන ඇති අතර, රේණුකා මෙහෙයුම් පුළුල්කිරීම සඳහා බැංගලෝර් සහ කොයිම්බතූර්වල ද , නිවාස කුලියට ගනිමින් ජාලයක් ස්ථාපිත කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

තමිල්නාඩුව පදනම් කරගත් ජාවාරම්කරුවන් සමඟ ඇති සම්බන්ධතා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට ගංජා තොග යැවීම සඳහා රේණුකාගේ කල්ලිය කටයුතු කරන අතර තුර, ඔවුන් තමිල්නාඩුව පුරා ද කුඩා පැකට් ලෙස ගංජා අලෙවි කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18