පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය මිචෙල් මාෂ් විසින් හොබවනවා.
තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග හතරකට පමණක් ක්‍රීඩා කර එක් කඩුල්ලක් හෝ දවාගෙන නොමැති, ඕතඩොක්ස් පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන් ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට නම්කර තිබීම විශේෂත්වයක්.
ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ඕස්ට්‍රේලියානු 20-20 සංචිතය වන්නේ,
මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැතිව් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැතිව් ෂෝර්ට්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සම්පා














Mathew khuneman has performed in sri lankan pitches with australia a