උපත් පාලන ක්‍රම සඳහා චීනය බදු ගසයි

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය උපත් පාලන ක්‍රම සඳහා 13% ක අගය එකතු කළ බද්දක් (වැට් බද්දක්) අය කිරීම ආරම්භ කර තිබෙනවා.

චීනය අඛණ්ඩ ජනගහන පහත වැටීමකට මුහුණ දෙන බැවින් උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උත්සාහයක කොටසක් ලෙස මෙම තීරණය චීන රජය විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චීනය විසින් වසර 30 කට වැඩි කාලයක සිට දැඩිව ක්‍රියාත්මක කළ “එක් පවුලකට එක් දරුවෙක්” ප්‍රතිපත්තිය ජනගහනය පාලනය කිරීමට උත්සාහ කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි චීන ජනගහනය පහත වැටීමකට මේ වනවිට මුහුණ දී ඇත්තේ.

ඒ, අනුව උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබෙන්නේ.

මේ අතර චීන රජය මඟින් මෙම වසරේදී ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන සඳහා යුවාන් බිලියන 90ක් වෙන්කර තිබෙනවා.

එමඟින් වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41