මිරිස්ස මුහුදේ ගිලී වැලිගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ජීවිතක්ෂයට

වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දියනාමින් සිටි පුද්ගලයෙක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ ඔහු මුහුදේ නාමින් සිටි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මුහුදේ ගිලුනු එම පුද්ගලයා අවට සිටි පිරිස් විසින් ගොඩගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ වයස 49ක වෛද්‍යවරයෙක්.

ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා දැනට මාසයකට පමණ පෙර වලාන රෝහලේ රාජකාරී කටයුතු සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෘත දේහය මෙවන විට මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, වැලිගම මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18