සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර LPL තරග බිමට – ක්‍රීඩක වෙන්දේසිය ලබන 11 වනදා

සුපිරි විදෙස් ක්‍රීඩකයන් රැසක් 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව පාකිස්ථාන සීමිත පන්දුවාර නායක බාබර් අසාම් මෙවර තරගාවලිය වෙනුවෙන් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ද මෙවර එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් සමඟ ගිවිසුම් ගතව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

මීට අමතරව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ද මෙවර තරගාවලිය සඳහා එක්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ එක්වනු ඇති බව සඳහන්.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් සහ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ෂම්සි ද එල්.පී.එල්. තරගාවලිය සඳහා දඹුල්ල අවුරා සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් සමඟ එක්වන බවට වාර්තා වනවා.

මේ අතර මෙවර තරගාවලියේ දී දේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඔවුන් මීට පෙර ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් බැහැරව වෙනත් කණ්ඩායම් සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

2023 එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
6
+1
0
+1
2
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?