දඹුල්ල පොලිසියේ තිදෙනෙක්ගේ වහාම ක්‍රියාත්මක පරිදි සේවය අත්හිටුවයි

දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ සේවය වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කටයුතු කර තිබෙනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් දඹුල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අදාළව සිදු කරනුය් ලැබූ විමර්ශණවලින් අනතුරුව ඊයේ (10) දිනයේ දී දඹුල්ල ඔරලෝසු කණුව අසල රාත්‍රී ජංගම සංචාර රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පැමිණිල්ල සිදු කරනු ලැබූ පුද්ගලයා, විදේශ රටක සිට පැමිණෙන සිය ඥාතියෙකු රැගෙන ඒම සඳහා ඊයේ දින අලුයම කාර් රථයකින් පැමිණෙමින් සිටින අතරතුර දී දඹුල්ල ඔරලෝසු කණුව අසලදී ඉහත පොලිස් නිලධාරීන් විසින් කාර් රථය නවතා පරික්‍ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී කාර් රථයේ තිබී වත්තල ප්‍රදේශයේ පදිංචිඅයෙක් වෙත ලබා දීම සඳහා රැගෙන ගිය ඌරු මස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඌරූ මස් රැගෙන යාම නීති විරෝධී බව පවසමින් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට නම් එම මස් සමඟ රුපියල් 1000ක මුදලක් ලබා දෙන ලෙස පොලිස් නිලධාරීන් පවසා සිටි බව අදාළ පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුව අදාළ පුද්ගලයා විසින් අදාළ මස් සහ රුපියල් 1000ක මුදලක් ලබා දීමෙන් අනතුරුව ලබාදී ඒ සම්බන්ධයෙන් පසුව පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිදු කරනු ලැබූ විමර්ශනයට අදාළව ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03