ඇමරිකානු උප ජනපති රැගත් එයාර්ෆෝස් 02 ගුවන් යානයට පාකිස්ථාන අහසේ දී විශේෂ ආරක්ෂාවක් (වීඩියෝ)

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් රැගත් එක්සත් ජනපද එයාර්ෆොස් 02 ගුවන් යානයට පාකිස්ථාන ගුවන් සීමාවේ දී විශේෂ ආරක්ෂාවක් සැලසීමට පාකිස්ථානය කටයුතු කර තිබෙනවා.

ජේ.ඩී. වැන්ස් රැගත් සහ ඇමරිකානු දූත පිරිස රැගත් බෝයිං සී-32ඒ ගුවන් යානය පාකිස්ථාන ගුවන් සීමාවට ඇතුළුවනවාත් සමඟ පාකිස්ථාන එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා පහක් එහි ආරක්ෂාව වෙනුවෙන් පරිවාර යාන ලෙස යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

ඇමරිකානු උප ජනාධිපතිවරයා සහ දූත පිරිස රැගත් යානය ඉස්ලාමාබාද් හි නූර් ඛාන් ගුවන් කඳවුරට ගොඩබෑම සිදුකරන තෙක් මෙම ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පැවැත්වෙන ඉහළම මට්ටමේ මුහුණට මුහුණ සාකච්ඡාව වෙනුවෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රමුඛ දූත පිරිස අද (11) දහවල් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණියා.

මෙම සාම සාකච්ඡාව සඳහා එක්වන ඉරාන පාර්ශ්යේ නියෝජිතයින් පිරිස ඊයේ (10) රාත්‍රියේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46