CTB ඉතිහාසයේ වැඩිම ආදායම පසුගිය 11 වැනිදා – ආදායම මිලියන 213ක්

අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් බිලියනයක ආදායමක් උපයා තිබෙනවා .

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ ලංකා ගමනා ගමන මණ්ඩලය පසුගිය 11 වැනිදා ඉතිහාසයේ ඉපයූ වැඩිම අදායම ඉපයූ දිනය බවයි.

එම ආදායම රුපියල් මිලියන 213ක් වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.