ස්වභාවධර්මය සඳහා වූ ණය හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

කොරල් පර, වැසි වනාන්තර වැනි පරිසර පද්ධති ආරක්ෂා කිරීම මත පදනම්ව දුප්පත් රටවල ණය කපා හරින ස්වභාවධර්මය සඳහා වූ ණය හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර පරිසර සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත්, පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ නවතම වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම මේ සම්බන්ධයෙන් වාර්තා පළ කර තිබුණා.

ඊයේ ඇරඹුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම්වල දී දිළිඳු රටවල ණය කපාහැරීම් කඩිනම් කිරීම දිරිමත් කිරීමේ අරමුණෙන් පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.

බරපතල ණය අර්බුදයන්ට මුහුණ පා සිටින ඌණ සංවර්ධිත රටවල් 49කට ලබාදිය හැකි ණය සහන ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව පරිසරය උදෙසා ණය හුවමාරු ක්‍රමය මගින් දේශගුණික විපර්යාස මැඩලීමට ඩොලර් බිලියන 100ක් උපදවා ගත හැකි බවටයි අදාළ වාර්තාව ගණන් ඛලා ඇත්තේ.

එසේම බෙලීස්, ඉක්වදෝරය, බාබඩෝස්, ගැබොන්, කැබෝ වෙර්දේ වැනි රටවල් පසුගිය වකවානුවේ දී එවැනි ණය හුවමාරුවල නිරත වූ බව පෙන්වා දෙන එකී වාර්තාව මේ වන විට ණය ආපදාවන්ට ගොදුරු වී සිටින සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින රටවලට ද ඒ පිළිබඳව අවධානය යොමුකළ හැකි බව පෙන්වා දෙනවා.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා දත්තවලට අනුව මෙම රටවල් ධනවත් රටවලට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සාමූහික අරමුදල්වලට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 431ක් වෙනවා.

නමුත් 2021 වසර දක්වා දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට මෙම රටවලට ලබා දී ඇති වන්දි මුදල ඩොලර් බිලියන 14ක් පමණක් වන අතර එය කිසිසේත් ම විපර්යාස මැඩලීමට හෝ ඒවාට හැඩගැසීමට ප්‍රමාණවත් මුදලක් නොවන බවයි එම වාර්තාව මගින් පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පෙනවා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44