spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වභාවධර්මය සඳහා වූ ණය හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

කොරල් පර, වැසි වනාන්තර වැනි පරිසර පද්ධති ආරක්ෂා කිරීම මත පදනම්ව දුප්පත් රටවල ණය කපා හරින ස්වභාවධර්මය සඳහා වූ ණය හුවමාරුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර පරිසර සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත්, පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ නවතම වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම මේ සම්බන්ධයෙන් වාර්තා පළ කර තිබුණා.

ඊයේ ඇරඹුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම්වල දී දිළිඳු රටවල ණය කපාහැරීම් කඩිනම් කිරීම දිරිමත් කිරීමේ අරමුණෙන් පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.

බරපතල ණය අර්බුදයන්ට මුහුණ පා සිටින ඌණ සංවර්ධිත රටවල් 49කට ලබාදිය හැකි ණය සහන ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව පරිසරය උදෙසා ණය හුවමාරු ක්‍රමය මගින් දේශගුණික විපර්යාස මැඩලීමට ඩොලර් බිලියන 100ක් උපදවා ගත හැකි බවටයි අදාළ වාර්තාව ගණන් ඛලා ඇත්තේ.

එසේම බෙලීස්, ඉක්වදෝරය, බාබඩෝස්, ගැබොන්, කැබෝ වෙර්දේ වැනි රටවල් පසුගිය වකවානුවේ දී එවැනි ණය හුවමාරුවල නිරත වූ බව පෙන්වා දෙන එකී වාර්තාව මේ වන විට ණය ආපදාවන්ට ගොදුරු වී සිටින සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින රටවලට ද ඒ පිළිබඳව අවධානය යොමුකළ හැකි බව පෙන්වා දෙනවා.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා දත්තවලට අනුව මෙම රටවල් ධනවත් රටවලට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සාමූහික අරමුදල්වලට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 431ක් වෙනවා.

නමුත් 2021 වසර දක්වා දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට මෙම රටවලට ලබා දී ඇති වන්දි මුදල ඩොලර් බිලියන 14ක් පමණක් වන අතර එය කිසිසේත් ම විපර්යාස මැඩලීමට හෝ ඒවාට හැඩගැසීමට ප්‍රමාණවත් මුදලක් නොවන බවයි එම වාර්තාව මගින් පරිසරය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පෙනවා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?