spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටොන් ගණන් අපතේ දමන දඹුල්ලට ආ එළවළු (වීඩියෝ)

උත්සව සමය සඳහා රට වටා සිටින ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇති එළවළු මේවන විට ඉවත දමමින් සිටින බව වාර්තා වනවා.

මෙයට හේතු වී ඇත්තේ විකුණා ගැනීමට නොහැකි තරමට එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබීමයි.

ගොවීන් උත්සව සමය ඉලක්ක කරගෙන එළවළු වගා කිරීම සිදුකළ ද නිසි කළමනාකරණයක් නොමැති කමින් මෙලෙස අස්වැන්න විනාශ කිරීමට සිදුව ඇති බවට ගොවීන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් එළවළු ගොවීන්ද එළවළු වෙළෙදුන් ද පාඩු ලබන අතර, එළවළු වෙළෙදුන් මේ හේතුවෙන් පත්වන්නේ දැඩි දුෂ්කරතාවයකටයි.

මෙම අපතේ යන එළවළු දිගම්පතන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්තානය වෙත ප්‍රතිචක්‍රීකරනය සඳහා රැගෙන යන අයුරු දක්නට ලැබුණේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?