බීමත් රියදුරෙක් ඇල්ලුවොත් රුපියල් පන්දහසක තෑග්ගක්

එළඹෙන උත්සව සමයේ දී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (12) මේ බව සඳහන් කළා.

එලෙස බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් අධිකරණයකින් නියමකරනු ලබන රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට ද සිදුවන බව ඔහු පැවසුවා.

මේ අතර බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරියෙක්ට රුපියල් පන්දහසක ත්‍යාග මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත පොලිස් නිලධාරීන් දිරිගැන්වීමේ අරමුණින් මෙම ත්‍යාග මුදල් ලබාදෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36