spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීමත් රියදුරෙක් ඇල්ලුවොත් රුපියල් පන්දහසක තෑග්ගක්

එළඹෙන උත්සව සමයේ දී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (12) මේ බව සඳහන් කළා.

එලෙස බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් අධිකරණයකින් නියමකරනු ලබන රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට ද සිදුවන බව ඔහු පැවසුවා.

මේ අතර බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරියෙක්ට රුපියල් පන්දහසක ත්‍යාග මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත පොලිස් නිලධාරීන් දිරිගැන්වීමේ අරමුණින් මෙම ත්‍යාග මුදල් ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?