spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම් ආරවුල දුරදිග ගිහින් පෙම්වතියට හා මවට තියුණු ආයුධ ප්‍රහාරයක් – පෙම්වතා දිවි නසාගෙන

යාපනය, ඉලවාලෙයි පොලිස් වසමට අයත් පණිප්පුලම් ප්‍රදේශයේ දී මවකට හා දියණියකට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ තරුණයෙක් ගෙළ වැළලාගෙන සිටිය දී ඊයේ (16) සොයාගෙන තිබෙනවා.

මෙම තරුණයා සහ ඔහුගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ තරුණිය අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත තරුණිය විසින් පෙම්වතාව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඊට කෝපයට පත්ව තරුණයා විසින් මෙලෙස පෙම්වතියට සහ ඇයගේ මවට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි පෙම්වතිය සහ ඇයගේ මව රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතු කර ඇති අතර, මේ වනවිට ඔවුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර තරුණයා සිය පෙම්වතිය මිය ගිය බව සිතා ඇයගේ නිවසට ආසන්නයේ කුඹුරක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පණිප්පුලම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?