පෙම් ආරවුල දුරදිග ගිහින් පෙම්වතියට හා මවට තියුණු ආයුධ ප්‍රහාරයක් – පෙම්වතා දිවි නසාගෙන

යාපනය, ඉලවාලෙයි පොලිස් වසමට අයත් පණිප්පුලම් ප්‍රදේශයේ දී මවකට හා දියණියකට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ තරුණයෙක් ගෙළ වැළලාගෙන සිටිය දී ඊයේ (16) සොයාගෙන තිබෙනවා.

මෙම තරුණයා සහ ඔහුගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ තරුණිය අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත තරුණිය විසින් පෙම්වතාව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඊට කෝපයට පත්ව තරුණයා විසින් මෙලෙස පෙම්වතියට සහ ඇයගේ මවට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි පෙම්වතිය සහ ඇයගේ මව රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතු කර ඇති අතර, මේ වනවිට ඔවුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර තරුණයා සිය පෙම්වතිය මිය ගිය බව සිතා ඇයගේ නිවසට ආසන්නයේ කුඹුරක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පණිප්පුලම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54