spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොත්තු කන්න ආ විදේශිකයාට තර්ජනය කළ වෙළඳසැලේ හිමියා අත්අඩංගුවට

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු විසින් එම විදේශීකයාට තර්ජනය කරමින් අඩත්තේට්ටම් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම තර්ජනය කිරීමට සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලීසිය අදාළ සිද්ධියට සම්බන්ධ වෙළඳසැලේ හිමිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ Street food නාමයෙන් ආහාර වෙළඳාම් කරනු ලබන ස්ථානක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
44
+1
5
+1
103
+1
6
+1
5
+1
3
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?