ඩ්‍රාවිඩ්, අගාර්කාර් සහ රෝහිත් ෂර්මා විශේෂ සාකච්ඡාවක – පාණ්ඩ්‍යා ලොකු ගැටලුවක

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් සහ නායක රෝහිත් ෂර්මා අතර සාකච්ඡාවක් පසුගිය සතියේ මුම්බායි හි BCCI මූලස්ථානයේ දී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී හර්දික් පාණ්ඩ්‍යාගේ තේරීම පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව සඳහන් කළේ.

ඔහුව එළෙඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සංචිතය සඳහා තෝරා ගැනීමට නිතිපතා පන්දු යැවීමේ අවශ්‍යතාවය කළමනාකාරීත්වය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හර්දික් විවිධ අදියරවල පන්දු යවා ඇති නමුත්, තවමත් ධනාත්මක සලකුණක් පෙන්නුම් කිරීමට ඔහුට හැකියාව ලැබී නැහැ.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ස්ථානය සඳහා තරග කරන තරඟකරුවන් අතර, ලැයිස්තුවේ ඉහළින්ම ශිවම් ඩුබේගේ නම පසුවනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට මෙම චෙන්නායි සුපර් කිංග්ස් තරුව සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇතිව ඇති බව වාර්තා වනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ශිවම් ඩුබේ මෙවර තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් පිතිකරුවෙක් ලෙස පමණක් යොදාගෙන පන්දු යැවීම සඳහා යොදා නොගැනීම මීට හේතුවයි.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යාට 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දියානු සංචිතයට සෘජු ප්‍රවේශයක් නොලැබෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14