තෙවරප්පෙරුමට විදුලි සැර වැදුණු ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකෙරේ (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට විදුලි සැර වැදුණු බව කියන ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) පෙරවරුවේ සිදුකර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අයත් ඉඩමක දී ඔහුට මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

විදුලි සැර වැදීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන සිකුරාදා දිනයේ දී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05