spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙවරප්පෙරුමට විදුලි සැර වැදුණු ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට විදුලි සැර වැදුණු බව කියන ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) පෙරවරුවේ සිදුකර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අයත් ඉඩමක දී ඔහුට මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

විදුලි සැර වැදීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන සිකුරාදා දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?