මහ වැස්සෙන් ඩුබායි යටවෙයි – ගුවන් ගමන්වලටත් බාධා (වීඩියෝ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට ඊයේ බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩුබායි ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලොව කාර්ය බහුලටම ගුවන් තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ ගුවන් තොටුපොළ සහ ගුවන් ධාවන පථය අඩි කිහිපයක් උසට ජලයෙන් පිරී පැවතුනු බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩුබායි ගුවන් තොටුපළ පැවසුවේ අඟහරුවාදා (ඊයේ ) සවස ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා හරවා යැවීමට කටයුතු කළ බවයි.

ඊයේ රාත්‍රිය පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි පතිත වී ඇති අතර, බදාදා එනම් අද දිනයේ ද වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

වර්ෂාව කෙතරම් වේගයෙන් ඇද හැළුණාද යත් ගංවතුර ඉහළ ගොස් පාරවල් ගංගා බවට පත් වීමත් සමඟ ඇතැම් රියදුරන්ට තම වාහන අතහැර දැමීමට සිදුව තිබෙනවා.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ මඟින් පෙන්නුම් කරන්නේ ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණ හරහා ජලය ගලා යන අතර නිවාසවල බිම් මහල ජලයෙන් යටව අහි ආකාරයි.

මේ අතර මෙම අයහපත් කාලගුණයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි ඕමාන් බලධාරීන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18