විදේශිකයාට තග දැමූ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු අද (17) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අදාළ සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරු දිනයකම පෙරවරු 09 -12 ත් අතර පොලිසියට වාර්තා කළ යුතු බවටත් සැකකරු වෙත ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශිකයකුට බැන තර්ජනය කර අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

මේ බව දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අගතිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සඳහන් කළ පොලිසිය මෙම තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට අගතිදායක ලෙස බලපෑමක් සිදුකරන බවත් චෝදනා කර සිටියා.

මෙම සිද්ධියට සම්බන්ධ විදේශිකයාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ විදේශිකයා බීමත්ව පැමිණ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකටම ගොස් වීඩියෝ ගත කිරීමට යාම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වූ බව සඳහන් කළා.

එම තැනැත්තා බීමත්ව මෙම සැකකරුගේ වෙළඳසැලටද පැමිණ වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම සිද්ධිය උද්ගත වූ බවත් මෙම සිද්ධියට සම්බන්ධ වීඩියෝ පටයේ කොටසක් පමණක් ප්‍රදර්ශනය කිරීම නිසා තම සේවාදායකයාට චෝදනා එල්ල වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් කිසිදු ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවී නොමැති අතර එම වීඩියෝපටය සිංහලෙන් සකස්කර අන්තර්ජාලයට මුදාහැරීම නිසා මෙවැනි ආන්ත්වදෝලනාත්මක තත්වයක් උද්ගත වී ඇතැයි සඳහන් කළ විත්තියේ නීතිඥවරයා මෙම සිද්ධියට සම්බන්ධ විදේශිකයා මේ දක්වා පොලීසිය වෙත මුල් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළා.

එසේම මෙම නඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය නොමැති බවට එම විදේශිකයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙන බවත් නීතිඥවරයා පැවසුවා.

මෙය ඇප දිය හැකි වරදක් බවත් සැකකරු සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටි එම නීතිඥවරයා අදාළ සැකකරු ඇපමත මුදාහරිණ ලෙසත් ඉල්ලීමක් කලා.

ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල මැයි මස 07 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40