සබීතාගේ සැමියාට බරපතලයි; PCR පරීක්ෂණයකුත් කරයි

ශරීර සුවතාව වෙනුවෙන් කොළඹ මාර්ගයක ඇවිද යමින් සිටියදී හිටි හැටියේ බිම ඇදවැටී අනතුරට පත් ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා මේ අනතුරට මුහුණ දී තිබුණේ පෙරේදා (25) සවස 5ට පමණය.

ඔහු ඇවිද යන අතරේ පාරේ මදක් නවතින අතර ඒ අතර තුර ඔහුව එකවර පසුපසට ඇද වැටෙන අයුරු සීසී ටීවී කැමරාවක සටහන්ව තිබිණි.

මෙසේ බිම ඇදවැටුණු උපාලි මහතා එසේ එම ස්ථානයේ විනාඩි 10ක් පමණ සිට ඇති අතර ඒ අසලින් ගිය වෛද්‍යවරයකු මෙය දැක ඔහුව සිය මොටර් රථයට ගොඩකරගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබිණි.

ඒ මොහොතවන විට ද ඔහු සිහිසුන් තත්ත්වයේ සිට ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ වහාම ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබිණි.

පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඒ මහතාව වහාම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කෙසේවුවද, ඊයේ දිනයේදී ඒ මහතාට පීසීආර් පරීක්ෂණයක් අදාළ පෞද්ගලික රෝහල විසින් සිදු කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

සසැදි පුවත් – සබීතාගේ සැමියාට අනතුරක් – සියල්ල CCTV කැමරාවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
0
+1
7
+1
22
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?