පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යාම ගැන නිර්දේශ මාලාවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුවයි එම නිර්දේශ මාලාව සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කර ඇත්තේ.

එම නිර්දේශ පහතින්.

  1. දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරලීම (Heat Cramps) – අත් පා හා උදරයේ මස්පිඬු වේදනාව හා පෙරලීම
    ප්‍රථමාධාර – සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සෑම මිනිත්තු 15 කට ම වරක් වීදුරු භාගය බැගින්)
  2. අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය (Heat Exhaustion) – අධික දහදිය දැමීම. ශරීර අප්‍රාණික බව, ක්ලාන්තය
    ප්‍රථමාධාර – සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සෑම මිනිත්තු 15 කට ම වරක් වීදුරු භාගය බැගින්) ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම
  3. ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke) – අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම හා ශ්වසන වේගය වැඩිවීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම

ප්‍රථමාධාර – සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම/ බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම. මෙය දැඩි අවදානම් තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතු ය. මෙවැනි අවස්ථාවක දී 1990 අමතා රජයේ සුව සැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ළඟ ම රෝහලේ ගිලන් රථය හෝ ලබා ගැනීමට ක්‍රියා කිරීම.

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීම..

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ/ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතුය.

පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතුය.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු වේ.

දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථා වල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වළක්වා ගැනීම ( පාසලේ දී මෙන්ම නිවසේ දී).

ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය/ කාලගුණ තත්ත්ව සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු වේ.

පහසුකම් සැලසීම..

අවශ්‍ය තරම් බිමට ජලය සැපයීම හා පිරිසිදු ජලය වැඩිපුර පානය සඳහා සිසුන් යොමු කිරීම.

පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යෙදීම ( දිස්ත්‍රික් ආපදා කළමනා කරණ සම්බන්ධීකරණ නිලධාරීන් මගින් දිස්ත්‍රික් ලේකම්ගේ සහය මේ සඳහා ලබාගතහැකි ය).

පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම හා අවශ්‍ය පියවර ගැනීම. විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසිදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යෙන්ම විවෘත ව පැවතිය යුතුය.

තට්ටු ගොඩනැගිලි/ ට කරන් වහල සහිත අධික උෂ්ණත්වය සහිත ගොඩනැගිලිවල ඇති පන්ති කාමර සුදුසු තත්ත්ව සහිත තාවකාලික ගොඩනැගිල්ලකට/ ස්ථානයකට මාරු කිරීම.

සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම..

අවශ්‍ය අවස්ථා වලදී ටයි පටිය නොපැළැඳීම හෝ ටයි පටියේ ගැටය ළිහිල් කිරීම හෝ සිදු කළ යුතුය.බඳ පටි පැළඳීම හැකිතාක් අවම කිරීම.

අධික හිරු එළිය සහිත පරිසරයේ දී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් හෝ භාවිත කිරීම. තද වර්ණයෙන් යුත් ඇඳුම් පැළඳුම් වෙනුවට ළිහිල් ළා පැහැති කපු ඇඳුම් ඇඳීම (පාසලෙන් පසු ක්‍රියාකාරකම් සඳහා ද මෙය අදාළ වේ).

නිවසෙන් බැහැර යන හැම අවස්ථාවකදීම උණුකර නිවාගත් ජලය සහිත වතුර බෝතලයක් රැගෙන යාම.

සාමාන්‍ය දිනවලට වඩා ජලය පානය වැඩි කිරීම. ජලය වෙනුවට ආදේශක ලෙස තැඹිලි, කුරුම්බා වැනි පාන වර්ග භාවිත කිරීම සුදුසු වේ. කිසිදු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුය. පිපාසයක් නොමැති වුව ද, වැඩි වශයෙන් ජලය පානය කිරීම.

අධික රස්නයක් දැනෙන අවස්ථාවල දී මුහුණ, දෑත් සහ දෙපා සිසිල් වතුරෙන් තෙමීම.

අධික උෂ්ණත්වය නිසා අහිතකර රෝග ලක්ෂණ ඇති වන්නේ නම් ගුරුවරයෙකුට හෝ වැඩිහිටියෙකුට හෝ දැනුම්දීම මඟින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
8
+1
33
+1
9
+1
6
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09