කෙසෙල්ගමු ඔයේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයාගැනේ

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (05) දහවල් සොයාගෙන තිබෙනවා.

එම ඔයේ සිල්වර් වළේ ගැඹුරු ස්ථානයක තිබී සිසුවාගේ මළ සිරුර සොයාගත් බවයි නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ.

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් මෙලෙස අතුරුදන්ව සිටියේ නෝර්වුඩ් වත්තේ පදිංචි නෝර්වුඩ් අයර්බි දමිළ මහ විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක්.

මෙම සිසුවා ඊයේ (04) පස්වරුවේ ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙලගමු ඔයේ සිල්වර් වළේ දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදහන්ව තිබුණා.

සිසුවා දියේ ගිලුණු ස්ථානය ගැඹුරු ස්ථානයක් බැවින්, අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ද එක්ව සිටියා.

ඒ අනුව අද (05) දවල් නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් විසින් ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42