ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරුවේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

අද (05) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මේ බව සඳහන් කළා.

ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින්ට ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බවත්, මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව එය බවයි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා වැඩිදුරටත් පැවසුවේ.

ඇණවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබානොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් සංස්ථා මෙහෙයුම් ලාභය ලෙස 6%ක් ලබාගන්නා බවත්, ඉන්ධන පිරවුම්හල් වෙත 3%ක ලභාංශයක් ලබාදීමට කටයුතු කළත්, එම ලාභාංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදුකර ඇති බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51