විදුලි ගාස්තුව ඉහළ දමයි

2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තුව ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඒකක 0-30 අතර 4.3%කින්, ඒකක 31-60 අතර 6.9 %කින්, ඒකක 61-90 අතර 6.9%කින් සහ ඒකක 91-180 අතර 7.2% ද ඒකක 180 වැඩි නම් 25% කින් විදුලි ගාස්තු ඉහළ යනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මේ වනවිට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි සභාපති මහාචාර්ය කේ. පී.එල්. චන්ද්‍රලාල් මේ බව දැනුම් දුන්නා.

මේ අතර මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ආගමික සහ පුණ්‍ය ආයතනවල ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා ද අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

මේ අතර ස්ථාවර ගාස්තුවේ වෙනස් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළා.

මෙම නව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මකයි.

විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සඳහා රජය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබුණා.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23