නවක වෛද්‍යවරුන්ට රජය තර්ජනය කරලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට රජය විසින් තර්ජනය කරමින් ඔවුන්ව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කිරීමට පොළඹවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මේ බව සඳහන් කළා.

ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේ, වැටුප් නවතා දමන බව, රැකියාව අහිමි කරන බව සහ නිල නිවසවලින් ඉවත්කරන බවට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට රජය විසින් මෙලෙස තර්ජනය කර ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවයි.

ඒ, අනුව වෛද්‍යවරුන් 453 දෙනෙකුගෙන් 435ක් මෙම පත්වීම් සඳහා අයදුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ වනවිට ඊට අදාළ ලැයිස්තුව සකස් කරමින් සිටින බවත් ඉදිරියේ දී එය ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර අදාළ වෛද්‍යවරුන්ට එම පත්වීම් ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59