Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෝටර් රථ රියදුරෙක් කොහුවල බස් නැවතුම්පොළක සිටි සිසුවෙක් යටකරගෙන ගිහින් – සිසුවා ජීවිතක්ෂයට

කොහුවල පොලිස් වසමේ එස්. ද එස්. ජයසිංහ මාවතේ දී ඊයේ (23) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 16ක සිසුවෙක් මියගොස් තිබෙනවා.

නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක හා මෝටර් රථයක පිටුපස ගැටී ඉදිරියට ධාවනය වී අසල බස් නැවතුම්පළෙහි සිටි සිසුවෙක්ගේ ගැටී නැවතත් මෝටර් රථය ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වී මාර්ගයේ ධාවනය වූ තවත් යතුරුපැදියක් හා මෝටර් රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් වෑන් රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු වන පානදුර, මොරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 68 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.