ඇමරිකානු ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බොරු – ඉරානය කියයි

ඉරානය විසින් ඇමරිකානු F-15E ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම නියමුවා මුදාගත් බවට, ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ඉරානය පවසනවා.

ඉරානයේ අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයා එම මෙහෙයුම අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස විස්තර කර තිබෙනවා.

සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය සහ දිව්‍ය උපකාරය මෙන්ම ඉරාන හමුදාවන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ මෙහෙයුම් නිසා බිම වැටුණු ප්‍රහාරක නියමුවා බේරාගැනීමට සතුරා දැරූ මංමුලා සහගත උත්සාහයන් අසාර්ථක වූ බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය මෙම සිද්ධිය මධ්‍යම ඉරානයේ ටබාස් හි 1980 දී අසාර්ථක වූ එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම වන ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුමට සමාන කළා.

ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ ඇමරිකානු F-15E ප්‍රහාරක යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් අතුරුදන් වූ නියමුවා ඇමරිකානු හමුදා සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමකින් සොයාගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් ගිණුමේ සටහනක් තබමින් පැවසුවා.

මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ බිම හෙළන ලද එක්සත් ජනපද F-15E ප්‍රහාරක ජෙට් යානයෙන් පසුව සිදු වූ එක්සත් ජනපද ගලවා ගැනීමේ මෙහෙයුමේ දී එක්සත් ජනපද C-130 හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් සහ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් දෙකක් විනාශ වූ බවයි.

  1. එක තැනක කියනවා සත්‍යයි කියල තව තැනක කියනවා අසත්‍යයි කියල..? මොකක්ද ඇත්ත නිවුස් එක?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18