AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා සුදුසු රටක් – විදේශ ඇමති අලි සබ්රි

පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ උද්ගතව තිබූ ආර්ථික අර්බුද තත්වය හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඇතැම් රටවල් එරට වැසියන් හට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙසට විවිධ අනතුරු ඇඟවීම් කර තිබුනා.

මේ සම්බන්ධයෙන් විදේශ ඇමති අලි සබ්රි මහතා ඊයේ මෙරට විදේශීය දූත පිරිස් සමග සුහද සාකච්චාවක් පැවැත්වුවා.

ශ්‍රී ලංකා විදේශාමාත්‍යවරයා මෙහිදී ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුධකාරී සමය නිම කිරීම සඳහා ලක් රජය ගත් උත්සහයේදී ජාත්‍යන්තරයෙන් අප රටට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ලක් රජය වෙනුවෙන් තමන් ස්තුතිය පිරිනමන බව සඳහන් කර සිටියා.

වත්මන් ශ්‍රී ලංකාව මේ වනවිට ඒ සියළුම අභ්යෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගමන් අරඹා තිබෙන බැවින් පසුගිය සමයේ ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා අනාරක්ෂිත රාජ්‍යයක් වශයෙන් හඳුන්වා පනවා තිබූ අනතුරු ඇඟවීම් හා තහංචි ඉවත් කර ගන්නා මෙන් අලි සබ්රි මහතා විදෙස් තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලා.

සංහිදියාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළු 2022 හා 2023 දී කැඳවා තිබු බවත් මේ වනවිට සංහිදියාව වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් ස්ථාපිත කර තිබෙන බවත් පැවසු සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය කඩිනමින් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන සහය මෙහිදී ඉමහත් ඇගයීමටද ලක් කර සිටියා .

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද එක්ව සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?