AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවායේ කුණු කෑම වික්ක 12කට නඩු ( ඡායාරූප )

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙළදසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එහිදී අපිරිසිදු ආහාර අලෙවි කිරීම,කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම,මිල සහ දින වෙනස් කර ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ වෙළදසැල් හිමියන් දොළොස් දෙනෙකුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව අපිරිසිදු ආහාර අලෙවි කල වෙළදසැල් දොළහක තිබූ ආහාර විනාශ කිරීමට ද පියවර ගෙන ඇති අතර මෙම මෙහෙයුම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?