රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ විත්තිකරුට ජනපති සමාව දීම ගැන ලේඛන අධිකරණය ඉල්ලයි

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති තරුණයාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නා.

අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙසට ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී යි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේ මෙම වග උත්තරකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළව සන්නිවේදනය කෙරුණු ලේඛන පමණක් අධිකරණය හමුවේ පවතින බවයි.

එහෙත් අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් තීරණය ඇතුලත් ලේඛනය අධිකරණය හමුවේ නොමැති බව සඳහන් කළ විනිසුරුවරුවරයා එය ඉතා වැදගත් ලේඛනයක් බැවින් එම ලේඛනය අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතාට දැනුම් දෙනු ලැබුවා.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තර්ක කළේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ජනාධිපතිවරයාට යම් පුද්ගලයෙකුට සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ අදාළ තීන්දුව ලබා දුන් විනිසුරුවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා සැලකිල්ලට භාජනය කිරීමෙන් පසුව වුව ද මෙම වග උත්තරකරුට සමාව ප්‍රදානය කිරීමේ දී අදාළ නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජුනි මස 09 වනදා තෙක් කල් තැබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය පැනවූ අතර එම දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද ස්ථිර කළ බවයි.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඔහුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට කටයුතු කළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එම සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපති සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන ලද සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?