උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි මුල

පැවති අයහපත් කාලගුණයත් සමඟ පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා.

අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචනය කරමින් ගමනාගමන පද්ධතියේ බිඳ වැටිම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන අතර අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බවයි.

ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ප්‍රායෝගික අපහසුකම් ඇති කිසියම් උසස් අධ්‍යාපන ආයතනයක් වේ නම් අදාළ ආයතනයේ ප්‍රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණ කිරීමට අදාළ ආයතන ප්‍රධානීන්ට බලය පැවරෙන බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52