2026 විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත වුණා.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (05) පස්වරු 7.30ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 01 ක්ද හිමි වුණා.

එමෙන්ම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 06ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණා.

ඒ, අනුව නොවැම්බර් 14 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට අද (05) දක්වා දින 14 ක් පැවැත් වුණා.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය දින 17 පැවැත්වීමට නියමිතව තිබූ අතර දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම දින ගණන මෙසේ 14 දක්වා අඩු කිරීම සිදුවුණා.

එම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයකට අදාළව කාරක සභා අවස්ථා විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යාංශ වැය ශීර්ෂ කිහිපයක් පෙර සැලසුම්කළ දිනවලදී විවාදයට ගැනීමට නොහැකි වූ බැවින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ද 2025.12.03 දින සහ ඊයේ (05) දින විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත වීම සිදුවුණා.

මේ අතර අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (05) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වනවා.

මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන), ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයද විවාදයකින් තොරව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

එමෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවුණා.

මීට අමතරව පරිපූරක ඇස්තමේන්තු තුනක් ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමත කරගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18