රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ විත්තිකරුට ජනපති සමාව දීම ගැන ලේඛන අධිකරණය ඉල්ලයි

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති තරුණයාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නා.

අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙසට ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී යි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේ මෙම වග උත්තරකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළව සන්නිවේදනය කෙරුණු ලේඛන පමණක් අධිකරණය හමුවේ පවතින බවයි.

එහෙත් අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් තීරණය ඇතුලත් ලේඛනය අධිකරණය හමුවේ නොමැති බව සඳහන් කළ විනිසුරුවරුවරයා එය ඉතා වැදගත් ලේඛනයක් බැවින් එම ලේඛනය අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතාට දැනුම් දෙනු ලැබුවා.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තර්ක කළේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ජනාධිපතිවරයාට යම් පුද්ගලයෙකුට සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ අදාළ තීන්දුව ලබා දුන් විනිසුරුවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා සැලකිල්ලට භාජනය කිරීමෙන් පසුව වුව ද මෙම වග උත්තරකරුට සමාව ප්‍රදානය කිරීමේ දී අදාළ නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජුනි මස 09 වනදා තෙක් කල් තැබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය පැනවූ අතර එම දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද ස්ථිර කළ බවයි.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඔහුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට කටයුතු කළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එම සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපති සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන ලද සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

  1. සල්ලි තියන එවූන් නීතියේ rරැහැනින් රිංගා යනවා. නැති bබැරි එවූන් නීතියේ පිළිසරණ පතා වසර gගණන් සිරගතව දුක් විඳිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14