පියා සහ පුතාට දිවි අහිමි කළ වාරියපොළ මාරක අනතුර – මවට බරපතලයි

වාරියපොළ පොලිස් වසමේ පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ වැරැල්ල හන්දියේ දී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු, එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් වාරියපොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

රියදුරු සහ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය දෙදෙනා හා තුවාල ලැබූ කාන්තාව එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා වනවා.

මියගිය පියා වයස අවුරුදු 61ක තැනැත්තෙක් වන අතර පුත්‍රයා 15 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් පොල්වත්ත, දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52