උනාකූරුවේ ද්විත්ව ඝාතනය ඇතුළු ඝාතන 05කට සම්බන්ධ අයෙක් මාට්ටු

තලවතුගොඩ පොලිස් වසමේ හෝටලයක් අසල දී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 130 ක් සමඟ සැකකරුවෙකු පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව සැකකරු එදිනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ (05) දින දක්වා රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා තබා ගනිමින් විමර්ශන කටයුතු මෙහෙයවා තිබෙනවා.

එම විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු සම්බන්ධ වී සිදු කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණු බව පොලිසිය පවසනවා.

තංගල්ල පොලිස් වසමේ උනාකූරුව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් ඝාතනය කිරීම, හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීම, අම්බලන්ගොඩ පොලිස් වසමේ අයිස්මොල ප්‍රදේශයේදී අඹු සැමි යුවළකට වෙඩි තබා ඝාතනය කිරීම හා හික්කඩුව පොලිස් වසමේ නිවසකට රාත්‍රී කාලයේ වෙඩි තැබීම යන අපරාධවලට මොහු සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරු සම්බන්ධයෙන් ඉහත අපරාධ වලට අදාළව ගාල්ල, තංගල්ල සහ බලපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සැකකරු සඳහා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නඩු කටයුතු 04 ක් සඳහා විවෘත වරෙන්තු නිකුත් වී ඇති අතර සැකකරු ඊයේ (05) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තලංගම පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05