ආපදාවට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාරවලට මහ බැංකුවෙන් ණය සහන

ආපදාවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළිය ආපසු ගෙවීම මාස 03 සිට 06 දක්වා කාලයක්, ආපදා තත්ත්වය සලකා බලා අත්හිටුවන ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්
වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට දන්වා ඇත්තේ ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොළි අනුපාතයට වඩා වැඩි පොළී අනුපාතයක් අය නොකරන ලෙසයි.

ණය ගෙවීම අත්හිටුවීමේ කාලය ඉකුත්වීමෙන් අනතුරුව අවම වශයෙන් මාස ත03ක සහන කාලයකින් අනතුරුව නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමටත් නව චක්‍ර ලේඛය මගින් අවස්ථාව සලසා තිබෙනවා.

ඊට අමතරව කල්දැමූ පොළී ගෙවීම් සඳහා කිසිදු පොළියක් අය නොකරන ලෙසට ද මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී බැංකුවලට දැනුම් දී ඇත්තේ, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට ඒ ඒ ආපදා සිද්ධීන් සලකා බලමින් නව ණය පහසුකම් ලබාදෙන ලෙසයි.

  1. මහ බැංකුව අපට නොකියපු දෙයක් තියෙනවා.ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 200 ක් ණය ආධාර වශයෙන් ඉල්ලා ඇති බවයි. මගෙ ප්‍රශ්නය වන්නේ විදේශ රටවල් හා සංවිධාන වලින් මූල්‍ය ,ද්‍රව්‍ය හා ශ්‍රම දායකත්වය ලබා දෙනවා පමණක් නොව මහ භාන්ඩාගාරයෙ රුපියල් බිලියනයක් තිබෙද්දිත් තවත් ණය ලබාගන්නෙ ඇයි? අනික අවසානයේ මේ ණය ගෙවන්නෙ මහජනයා නොවේද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46