කොළඹ අවතැන් වූ අයට මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් ආධාර

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් විසින් දිනකට භාවිතා කරන ආහාර වේල කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් වී සිටින ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම අද (06) දින සිදුකෙරුණා.

මැගසින් බන්ධනාගාරයේ සිටින පිරිමි සහ කාන්තා රැඳවියන් 300ක පමණ පිරිසක් මෙලෙස තම ආහාර වේල පරිත්‍යාග කිරීමට එකඟ වී තිබෙනවා.

බන්ධනාගාර අධිකාරි සුමුදු පෙරේරාගේ උපදෙස් පරිදි මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර් බුද්ධික පෙරේරාගේ අධීක්ෂණය යටතේ මෙම වියළි ආහාර කොළඹ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එම්.කෞශල්‍යා කුමාරි වෙත භාරදෙනු ලැබුවා.