AFC Banner
Empty Ad
Empty Ad

මාලයක් සොරා ගත් පොලිස් සැරයන්වරයා

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ  කර පැළඳ රුපියල් පන්දහසක් වටිනා රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

ප්‍රධාන කළමනාකාර නිලධාරීනිය  අද (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයෙන් පැමිණ  සුහුරුපාය සුපිරි වෙළඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමඟම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැලඳි රන් පැහැති මාලය කොල්ලකා පලා යාමේදී  ඇයගේ කෑ ගැසීම ඇසී අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී  රථ වාහන රාජකාරිය යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීයෙකු සැකකරු පසුපස හඹා ගොස්  අල්ලා ගෙන තිබූ බව පොලිසිය පවසනවා.

අනතුරුව එම පුද්ගලයා සුහුරුපාය පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් තලංගම පොලිසිය වෙත භාරදී ඇත .

සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී   ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ  රන්මාලය උකස් තැබූ බවත්  එය බේරා දෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින්  කොල්ල කෑම සිදුකළ බව අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු සිදුකරන ලද  ප්‍රකාශය  පිළිගත නොහැකි බවත්  කොල්ල කෑම සඳහා තවත් පුද්ගලයෙකු  සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රන් පැහැති මාලය හිමි  ප්‍රධාන කළමනාකාර නිලධාරිනිය  පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ  එම මාලය රුපියල් පන්දහසක් පමණ වටිනා එකක් බවත්   කොල්ලකරුවන් සිටින බැවින් තමන් පුරුද්දක් ලෙස රන් ආභරණ නොපළදින  බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙක් වන අතර ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?