මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ ගඟේවත්ත ප්‍රදේශයේ ජලාශයේ ධීවර රැකියාවේ නිරතව සිටින ධීවරයන් විසින් ලබාදුන් තොරතුරක් මතයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙක් වන අතර මළ සිරුරෙහි තුවාල කිහිපයක් තිබෙන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1