බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් වවුනියාවේ දී ගැටෙයි (වීඩියෝ)

සිය අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවන් පිරිසක් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ දී ඇති වූ මෙම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ අවසන් ප්‍රචාරණ රැළිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

එම රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටිය දී කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් ගමන්ගත් වාහනයට සහ අනෙකුත් පරිවාර රථවලටපහර දී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර, වවුනියාව පොලිසිය සහ නෙලුක්කුලම පොලිසිය මැදිහත්ව ගැටුම සමතයකට පත් කර තිබෙනවා.

මෙම ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය හා නෙලුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36