උදයංගගේ සැලසුම් නිසා මත්තලට ආ රුසියන් රෙඩ් වින්ග්ස් – ජනපති අනුරටත් ඉල්ලීමක් (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය රාජ්‍ය සම්පත් යටතේ මත්තල ගුවන්තොටුපොළ ද බදු දීමට සූදානම් වූ පසුබිමක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම බදු දීමේ ටෙන්ඩරය මේ වනවිට නතර කර ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ මහතා පෙන්වාදෙන්නේ වසර 09ක් පුරා තමන්ගේ බැංකු ගිණුම් අක්‍රීය කරමින් පෞද්ගලික දේශපාලනික පළිගැනීම් ද සිදු කළ බවයි.

මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ රටට වැඩදායි අයුරින් සංචාරකයින්ට දිවයිනට පැමිණීමට අවස්ථාව උදාකර ඇති බව උදයංග වීරතුංග මහතා පෙන්වාදෙනවා.

අද (05) පෙරවරු 07.15ට රුසියාවේ කසාන් නුවර සිට සංචාරකයින් 411ක් රැගෙන Red Wings ගුවන් යානාව මත්තලට පැමිණි බවත්; එය තමන් කළ සැලසුම්හි ප්‍රතිඵල බවත් හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබූ මත්තල ගුවන් තොටුපොළට අද පැමිණියේ 250 වැනි ගුවන් යානාව බවත් මේ වනවිට මත්තලට සංචාරකයින් 98,046ක් පැමිණ ඇති බවත් තමන් 2022 දෙසැම්බර් 29 වැනි දින සිට රෙඩ් වින්ග්ස් ගුවන් යානාවලට මත්තලට පැමිණීමට අවස්ථාවක් ලබා දුන් බවත් උදයංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

එබැවින් වසර 09ක් පුරා තමාගෙන් පැවති රජයන් කළ දේශපාලනික පළිගැනීම් නවතන ලෙසටයි උදයංග වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15