අමෙරිකාවේ 47 වැනි ජනපති අසුන දෙවැනි වරටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධිපති ධුරයට තේරීපත් ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දැනට මැතිවරණ විද්‍යාලයෙන් නිකුත් කළ ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 277ක් හිමිකරගනිමින් ට්‍රම්ප් එරට 47 වැනි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හට හිමිව ඇත්තේ ආසන 226ක බලයක් පමණයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුරයට 2017 ජනවාරි 20 පත්වන අතර ඔහු එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස 2021 ජනවාරි 20 තෙක් කටයුතු කළා.

ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ ලෝක සාමය රඳා පැවතීමේ තීරණාත්මක කාර්‍යයභාරයක් ඉටු කරමින් පැවති බවටයි බොහෝ අන්තර්ජාතික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ අවසාන කාර්තුවේ දී අමෙරිකාව තුළ විවිධ ආණ්ඩු විරෝධී අරගල පැන නැගි අතර 2021 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් බයිඩ්න් හමුවේ පරාජයට පත් වූයේ ඩිමොක්‍රටික් පක්ෂයට එරට 46 වැනි ජනාධිපති අසුන පිරිනමමින්.

ට්‍රම්ප් බයිඩ්න් හමුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වුව ද; එදා අහිමි වූ බොහෝ ප්‍රාන්තවල සමස්ත ජය මෙවර තමන් වෙත යළි ළඟා කරගැනීමටයි ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වූයේ.

ටෙක්සාස්, ලුසියානා, මොන්ටානා, බටහිර වර්ජිනියා, ඉන්දියානා, ඔහියෝ, මිසිසිපි, මිචිගන්, ජෝර්ජියා වැනි ප්‍රධාන පෙළේ ප්‍රාන්තවල ජයග්‍රහණය හිමිවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි.

නමුත් මෙවර මැතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස් නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් වැනි කතාබහකට ලක්වුණු ප්‍රාන්තවල ජයග්‍රහණය තමන් සතු කරගත්තා.

1946 ජුනි 14 වැනිදා ක්වීන්ස් හි දී උපත ලද ට්‍රම්ප් 1987 වර්ෂයේ සිට රිපබ්ලිකන් පක්ෂය සමග එක්ව දේශපාලනය සිදු කරනවා.

පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් උපාධියක් ලබා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් යනු දරුවන් පස්දෙනෙකුගේ පියෙක්.

47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපතිවරණ සටන ප්‍රාන්ත 50ක් සහ කොලොම්බියානු ෆෙඩරල් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (05) ආරම්භ වූ අතර එහි ප්‍රතිඵල නිකුත් කිරීම මැතිවරණ විද්‍යාලයක් (Electoral College) මගින් සිදු කෙරුණා.

අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එරට ජනාධිපතිවරයා බවට පත්වීමට නම් ආසන 538න් ආසන 270ක බලය තහවුරු කරගැනීම අනිවාර්‍යය වනවා.

එමෙන්ම අමෙරිකානු ව්‍යවස්ථාවෙන් ම ජනාධිපති ධුර අපේක්ෂකයෙකු බවට පත්වීමට නම් නියත වශයෙන් ම අමෙරිකාවේ උපන්, වයස අවුරුදු 35ට වැඩි පුරවැසියෙකු වීම මෙන්ම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලැබූ උසස් අධ්‍යාපනයක් තිබීම ද වැදගත් කොට සැලකීම එරට සම්ප්‍රදායයි.

අතිශය අනම්‍ය මෙන් ම, ලිඛිත සහ ලොව පළමු සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට හිමිකම් කියන අමෙරිකානු ආණ්ඩුක්‍රමය ජනාධිපති ධුරය විධායකය ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව වශයෙන් දෙකොටසකට බෙදෙනවා.

ඒ අනුව ඉදිරි වසර 04ක කාලය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23