වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සියලුම සමාජ මාධ්‍ය තහනම් වෙයි

ඔස්ට්‍රෙලියාව සිය රට තුළ ජීවත් වන වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ‘ සියලුම ගණයේ සමාජ මාධ්‍ය’ තහනම් කර තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කරන පරිදි මෙලෙස අවුරුදු 16ට අඩු ළමුන් හට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් රාජ්‍යය ලෙස ඔස්ට්‍රෙලියාව ඉතිහාසගත වනු ඇති.

මෙම නව නීතිය ඔස්ට්‍රෙලියානු රජය විසින් ගනු ලැබූ බව අද (07) පෙරවරුවේ දී එරට අගමැති අන්තෝනි ඇල්බනිස් (Anthony Albanese) ප්‍රකාශ කළා.

මේ වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු ව්‍යවස්ථාදයකය විසින් නව නීතියක් ද සම්පාදනය කර සම්මත කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වනවා.

ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා පැවසුවේ;

“සමාජ මාධ්‍ය අපගේ දරුවන්ට හානියක් කරනවා..” යනුවෙන්.

මෙම නව නීතිය අනුමත කර මාස 12කට පසු නීතිය බලාත්මක වන පරිදි මෙම වසරේ දී එය පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන බවත් ඒ සඳහා තමන්ට කෙටි කලක් ලබාදෙන ලෙස ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ඉල්ලා සිටියේ.

මෙම නීතිය මත දරුවන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත පැවතිය ද ඔවුන් හට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් වනු ඇති.

  1. whatsapp මගින් පසැල් ලමුන්ට උගන්වන එක ගරු අගමැතිතුමිය තහනම් කලා වගේ සියලු සමාජ මාධ්‍යජාලා වයස අවු 16 අඩු ලමයින් සදහා වාරනය කල යුතුය. එසේ කල හොත් ඉදිරියට හෝ දරුවන් බේරාගත හැකිය.

    • මෙහෙමයි තහනම් කල එක හොදයි. දෙමාපියන්ගේ පාලනය යටතේ හැමදේම කරන්න ඕන. අනික ලංකාවේ එච්චර දැනුමක් නැති දෙමව්පියනුත් ඉන්න නිසා මෙය 100% සාර්ථක කර ගන්නනම් බැරි වෙයි

  2. හොද තීරනයක්. අපේ රටෙත් මේක ක්‍රියාත්මක වෙනවානම් වඩාත් සුදුසුයි. ඒ වගේම fack accountant හදන්න අවසරයක් නොමැති වීම සදහා නීති සම්පාදනය කල යුතුයි. NIC වගේ එකක් unique ලෙස යොදාගෙන මේ කටයුත්ත කරන්න පුලුවන්. පු.ලි.දෙ. මේ සමග සම්බන්ද කරගත් පසුව මෙය වඩාත් සාර්තක කර ගැනීමටත් පුලුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24