දිට්වා සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් ජාතික සර්වාගමික වැඩසටහනක් අගමැති ප්‍රධානත්වයෙන් බදුල්ලේ දී
දිට්වා සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වූ 650 දෙනෙකු සිහිපත් කරමින් සහ තවදුරටත් අතුරුදහන්ව සිටින 173 දෙනා වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කෙරෙන ජාතික සර්වාගමික වැඩසටහන හෙට (26) සහ 27 දෙදින බදුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට දැවැන්ත මානුෂීය හානියක් සිදුවී හෙට දිනයට වසරක් සැපිරෙනවා.
මෙම ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
ආපදාවෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට ආගමික වතාවත් මඟින් පුණ්‍යානුමෝදනා සිදු කිරීමත්, අතුරුදහන් වූවන් වෙනුවෙන් සෙත් පැතීමත්, එම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව සිහිපත් කිරීම ප්‍රධාන අරමුණයි.










