Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වසරේ පළමු මාස දහය තුළ අපනයන ආදායමේ 6%ක වර්ධනයක්

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසනවා.

එය 2025 වසරේ පළමු මාස 10ට වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක ආදායමට සාපේක්ෂව 6.03%ක වර්ධනයක්.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 5.72%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර, සේවා අපනයන ආදායම 7.20%කින් වර්ධනය වී අමෙරිකානු ඩොලර් බිලියන 3.27ක් ලෙස වාර්තා වූ බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වාර්තාවල සඳහන් වුණේ.