පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය ලබන දෙසැම්බර් 11 නිකත් කරන බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ අද (25) නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය චාමර සම්පත් සම්පත් දසනායකට ලබා දුන් ඇප නියෝගය අභියෝගයට ලක් කරමින් එකී ඇප නියෝගය බල රහිත කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දුෂන කොමිසම මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.
අල්ලස් කොමිසම වෙනුවෙන් ( නීති ) සහකාර අධ්‍යක්ෂක අනුෂා සම්බන්ධ පෙරුම මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කරුණු දක්වූවා.
එහිදි දෙපාර්ශ්වයම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් මුකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් 11 වැනිදා ගන්න ගන්න නිකුත් කරන බවයි.
දෙසැම්බර් 02 හෝ ඊට පෙර විරෝධතා සහ ප්රතිවිරෝධතා ගොනුකරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා දෙපාර්ශ්වයටම නියෝග කළා.










