පොලිස් නිලධාරින් සිව්දෙනෙකුගේ වැඩ තහනම්

යාපනය – චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ අනතුරකින් පසුව සිදු කළ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව මෙම නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කර ඇති බවයි.

පසුගියදා (09) චුන්නාකම් ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවීමෙන් පසුව රිය අනතුර සිදු කළ තැනැත්තා පලා ගොස් තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගැනීමට ලුහුබැඳ ඇති අතර; කෙසේ හෝ අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසීමේ දී ප්‍රදේශවාසීන් එක්ව රාජකාරියට බාධා කර ඇත්තේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් හට අනතුර කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් නොමැති බව සඳහන් කරමින් බවටයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක දී පොලිස් නිලධාරීන් පහර දුන් බව පවසමින් කාන්තවක් ඇතුළු පිරිසක් චුන්නාකම් පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

ඉන් අනතුරුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා සිදු කරන ලද පරික්ෂණයකින් අනතුරුව මෙලෙස පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

වැඩ තහනමට ලක් ව ඇත්තේ චුන්නාකම් පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30