දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීම ගැන ජනපතිගේ ස්ථාවරය දැනුම්දීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නා.

එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධනගේ ඉල්ලීමක් අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ඇතුළු පාර්ශ්ව 08ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදියේ කැඳවනු ලැබුවා.

⁣මුලින් මෙම පෙත්සම් වනිසුරු නිලමැදිරියේ දී කැඳවනු ලැබූ අතර, පසුව එය විවෘත අධිකරණයේදී කැඳවනු ලැබු බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මෝසමක් මගින් ඉල්ලා තිබුණු අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ද මෝසමක් මගින් ඉල්ලා තිබුණා.

ඒ, අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා වන ඉල්ලීම අගවිනිසුරු වෙත යොමු කරන ලෙස ලේඛකාධිකාරීයට ⁣නියෝග කළ අධිකරණය එමගින් මෙම පෙත්සම් විභාග කර අවසන් කිරීම මෙම විනිසුරුමඩුල්ලටම නොහැකි බවට හෝ මෙම විනිසුරු මඩුල්ල ඉවත්වූ බවක් අදහස් නොවන බව ද සඳහන් කළා.

පෙත්දම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු කණඩායමක් පෙනී සිටි අතර; වගඋත්තරකාර දේශබන්දු තෙන්නකේන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාද, වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙ⁣රේරා ඇතුළු පිරිසක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18