හරීන්ගේ නැන්දම්මා බෑනාට දේශපාලනය කරන හැටි උගන්වයි (වීඩියෝ)

දේශපාලනය කරන අයුරු සිය මාමණ්ඩිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වින්සන්ට් ඩයස්ගෙන් හෝ ඉගෙන ගන්නා ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සුසිලා ඩයස් මහත්මිය පවසනවා.

සුසිලා ඩයස් මහත්මිය අද (11) පස්වරුවේ බදුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ; අද දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වූ සිය බෑනා වන හරීන් ප්‍රනාන්දුගේ ක්‍රියාවට සිය විරෝධය පළ කරමින්.

ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වදින හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අද බදුල්ල නගරයේ ප්‍රවර්ධන වැඩසටහනක් සිදුකර ඇති බවටයි වාර්තා වූයේ.

එය නතර කිරීමට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් හා පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී ඔවුන් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බවත්, පස් දෙනෙකුට වැඩි පිරිසක් එක්ව ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි බවත් පවසමින් එම කාර්යාලයේ නිලධාරින් විසින් අදාළ පිරිස විසුරුවා හැරීමට කටයුතු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙනුයි හරීන් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සුසිලා ඩයස් මහත්මිය අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිය බෑනාට උපදෙස් ලබා දුන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ සුසිලා ඩයස් මහත්මිය ද මෙවර මැතිවරණයට තරග වදිනවා.

  1. No shame at all. Still trying to practice their old tactics. Mr.Fernando. . Majority ppl have CONDEMNED you ppl. accept it & leave. Your showing off time is going to end. Thank God for Commrade AKD becoming our President & our blessings are for him Always.

  2. නීති වලට ගරු කරලා ඔය හොරුන්ට පුරුදු නෑනේ.. චන්ඩි පාට් එකෙන් තමා එන්න හදන්නේ. ආණ්ඩු බලය තියනකොට කොහොම ඉන්න ඇද්ද…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56